Latest News

ලබන සිකුරාදා සඳ රතු වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 03 කට පසු දුර්ලභ රක්ත සඳක් (blood moon) දැක බලා ගැනීමේ අවස්ථාවක් ඔස්ට්‍රේලියානුවන්ට ලබන සිකුරාදා දිනයේදී උදාවනවා.

ඒ අනුව මෙම සංසිද්ධිය සිදුවන්නේ එදිනට යෙදී ඇති චන්ද්‍රග්‍රහණයට සමගාමීවයි.

වෙනත් දිනවලට වඩා විශාල ප්‍රමාණයෙන් සහ රක්ත පැහැයෙන් චන්ද්‍රයා දැක බලා ගැනීමට මෙදින අවස්ථාව පවතිනවා.

සූර්ය ග්‍රහණයකදී මෙන් නොව පියවි ඇසෙන් චන්ද්‍ර ග්‍රහණයක් බැලීමද ආරක්ෂාකාරී වීම විශේෂත්වයක්.

නැවත වරක් ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍ය චන්ද්‍රග්‍රහණයක් දැක බලාගත හැකි වන්නේ ලබන සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින තුළදීයි.

ලබන සිකුරාදා විනාඩි 55 ත් 80 ත් අතර කාලයක් රක්ත චන්ද්‍රයා දැක බලා ගැනීමට ඔස්ට්‍රේලියාව පුරා සිටින ජනතාවට අවස්ථාව උදාවනවා.

එක් එක් ප්‍රධාන නගරවල ඒ සඳහා හොඳම වේලාවන් පහත පරිදි වනවා.

Sydney – 7.13pm
Melbourne – 7.40pm
Brisbane – 6.04pm
Canberra – 7.22pm
Adelaide – 7.35pm
Darwin – 7.02pm
Hobart – 7.32pm

World News

Send your contact Details Today