Latest News

ඉන්දියානුවෝ 15ක්, ලංකාවෙන් එළවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඉන්දීය ජාතිකයන් පහළොස්දෙනකු රටේ ආගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පිටුවහල් කර තිබෙනවා.

මෙම පුද්ගලයන් යාපනය ප්‍රදේශයේ කැටයම්කරුවන් ලෙස සේවය කිරීම සහ ආගමික කණ්ඩායමක ප්‍රචාරක ව්‍යාපාරයකට සහභාගී වීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම්වල නියැලී සිට තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම කණ්ඩායම කටුනායක ගුවන්තොටුපළේ නිකුත් කරන ලද නොමිලේ සංචාරක වීසා යටතේ ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබුණා.

රෝග සුව කිරීමේ අරමුණින් යාපනයේ ආගමික සේවාවක් පැවැත්වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එය දේශීය හින්දු සංවිධානවල විරෝධතාවලටද හේතුවුණා.

මෙම ආගමික පූජකවරුන් දෙදෙනා මාර්තු 8 වැනි දින අලුයම ඉන්දියාවේ චෙන්නායි වෙත පිටුවහල් කර තිබෙනවා.

ඊට අමතරව, යාපනයේ කැටයම්කරුවන් ලෙස සේවය කළ ඉන්දියානු ජාතිකයින් අටදෙනකු සහ අවන්හල්වල සේවය කළ තවත් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන පලාලි ගුවන්තොටුපළ හරහා පිටුවහල් කර තිබෙනවා.

World News

Send your contact Details Today