Latest News

රත්‍රං ප්‍රශ්නයක් නිසා දකුණු ඉන්දීය කන්නඩ නිළියක් පොලිස් අත්අඩංගුවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ඉන්දීය කන්නඩ නිළි රන්යා රාඕ රත්‍රං ජාවාරමකට සම්බන්ධ වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්‍රං කිලෝග්‍රෑම් 14 ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීම ඇයට එල්ල වී ඇති චෝදනාවයි.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී රන්යා රත්‍රං ජාවාරමට සම්බන්ධ කාන්තාවන්ගේ අන්තර්ජාතික ජාලයක් ඇතුළු තීරණාත්මක හෙළිදරව් කිරීම් කිහිපයක් සිදුකර ඇතැයි වාර්තා වනවා.

දේශසීමා හරහා ක්‍රියාත්මක වන සහ කාන්තාවන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගන්නා මෙම ජාවාරම් ජාලයේ කොටසක් තමා බව රන්යා පාපොච්චාරණය කර තිබෙන බව ද එරට පොලිසිය පවසනවා.

මෙම කණ්ඩායම අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන බවට විශ්වාස කෙරෙන අතර සමහර රාජ්‍ය සේවකයන් ද එම ජාලයට සම්බන්ධ බවයි පැවසෙන්නේ.

මෙම නීතිවිරෝධී ක්‍රියාවට සම්බන්ධ අනෙකුත් සාමාජිකයන් පිළිබඳව පොලිසිය මේ වනවිට සෝදිසියෙන් සිටිනවා.

ඉන්දීය ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය මීට පෙර ලැබුණු තොරතුරක් මත ඩුබායි සිට ආපසු පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන ගණනක් වටිනා ස්වර්ණාභරණ විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

රන්යාගේ ප්‍රකාශයෙන් පසුව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය ඉදිරි විමර්ශන සිදුකරනවා.

ඔවුන් ජාවාරම් සම්බන්ධයෙන් සමීපව විමර්ශනය කරන අතර, අන්තර්ජාතික රත්‍රං ජාවාරම් ජාලයට සම්බන්ධ අනෙකුත් සාමාජිකයින් අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

World News

Send your contact Details Today