Latest News

ට්‍රම්ප්, ධවල මන්දිරය පාපන්දු වෙනුවෙන් සූදානම් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 පාපන්දු ලෝක කුසලානය සඳහා ධවල මන්දිර කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

ඒ අනුව ලෝක පාපන්දු පාලක මණ්ඩලය වන FIFA හි සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ සමඟ එක්ව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයකට අත්සන් තැබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම නියෝගයට අනුව කාර්යසාධක බලකායේ ප්‍රකාශිත මෙහෙවර වන්නේ “ආර්ථික වර්ධනය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන අතරම රටේ අභිමානය සහ ආගන්තුක සත්කාරය ප්‍රදර්ශනය කිරීම” යන්නයි.

ට්‍රම්ප් අමෙරිකාවේ දිගුකාලීන මිත්‍ර පාක්ෂිකයින් සමඟ වෙළඳ යුද්ධයකට සූදානමින් සිටින පසුබිමක් තුළ, නැගී එන භූ දේශපාලන ආතතීන් මධ්‍යයේ, කැනඩාව සහ මෙක්සිකෝව සමඟින් අමෙරිකාව ලොව වැඩිම පිරිසක් නරඹන ලද ක්‍රීඩා තරඟාවලියේ සම-සත්කාරකත්වය දැක්වීමට සූදානම් වනවා.

තීරුබදු පැනවීමෙන් පසු අසල්වාසීන් සමඟ තරඟාවලියේ සම-සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සිදුකළ විමසීමේදී ට්‍රම්ප් පැවසුවේ, එය පිටිය උද්යෝගීමත් කරන බවයි.

“මම හිතන්නේ එය වඩාත් උද්යෝගිමත් වනු ඇති, ආතතිය හොඳ දෙයක්” ලෙසයි ට්‍රම්ප් පැවසුවේ.

පාපන්දු පාලක මණ්ඩලයේ සභාපති ඉන්ෆැන්ටිනෝ එළඹෙන තරඟාවලිය අමෙරිකාවට ඇති කරන ආර්ථික බලපෑම පිළිබඳ ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව FIFA හි සභාපතිවරයා ඇස්තමේන්තු කර ඇත්තේ, 2026 ලෝක කුසලානයේදී රට ඩොලර් බිලියන 40 ක් උපයා ගනු ඇති බවයි.

මෙම තරගාවලිය මගින් රැකියා 200,000ක් රටට එක්කර මිලියන 10ක් සංචාරකයන් ගෙන එනු ඇති බවටද ඉන්ෆැන්ටිනෝ අනුමාන කරනවා.

ට්‍රම්ප් ඉන්ෆැන්ටිනෝගෙන් විමසා ඇත්තේ, පිරිමි පාපන්දු ක්‍රීඩාවේ දුර්වලයකු වන අමෙරිකාවට එරට ඉතිහාසයේ පළමු වරට තරඟාවලියක් ජයග්‍රහණය කළ හැකිද යන්නයි.

එහිදී FIFA හි සභාපතිවරයා පිළිතුරු දී ඇත්තේ “ඔව්, මහජනතාව ඔවුන් පිටුපසින් ඉන්නවා ලෙසයි.

World News

Send your contact Details Today