ප්‍රසිද්ධ අමරිකානු ගායක ඇලෝයි බ්ලැක් සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔහු අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි Radio WESL ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
උදෑසන 08.24ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ QR – 664 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
විද්‍යා සහ තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ආරාධනයකට අනුවයි ඇලෝයි බ්ලැක් මෙරටට් පැමිණ ඇත්තේ.
ඔහු මෙරට රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහාවන සාකච්ඡාවකට ද එක්වීමට නියමිතයි.



