Latest News

කාන්තාවන්ව උපහාසයට හා අපහාසයට ලක් කල යූ ටියුබ්කරුවෙකුට වැඩ වරදී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යාපනයේ තරුණියන්ව හා කාන්තාවන්ව උපහාසයට හා අපහාසයට ලක් කරමින් YouTube වැඩසටහන් නිෂ්පාදන කරන පුද්ගලයෙකු ඉලවාලී ගම්මානයේදී ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන ගෙන පොලීසියට බාරදී තිබෙනවා.

ක්‍රිෂ්ණා යන ආරූඩ නාමයකින් පෙනී සිටින මොහුව අත්අඩංගුවට ගන්නා විටද ඔහු කාන්තාවන් පිරිසක් වීඩියෝ ගත කරමින් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය සතියේ මොහු විසින් යාපනයේ තරුණියන් පිරිසක්ව වීඩියෝ කොට නිපදවා සමාජ මාධ්‍යයට එක්කොට තිබූ වීඩියෝවක් නිසා එම තරුණියන් පිරිස දැඩි විවේචනයකට ලක් වූ අතර ඔවුන් මේ ප්‍රශ්නය නිසාම සමාජය හමුවේ දැඩි අපහසුතාවයකටද මුහුණ දෙනු ලැබුවා.

යාපනයේ ජනතාව අතර මෙම යූ ටියුබ්කරු සම්බන්ධයෙන් විශාල වි රෝධයක් ගොඩනැගී තිබූ අතර ඉලවාලී ප්‍රදේශයට ගොස් තවත් වැඩ සටහනක් වීඩියෝ කරමින් සිටියදී ගම්වාසීන් ඔහුව අල්ලා ගෙන පොලීසියට බාර දී තිබෙනවා.

ඉලවාලී පොලීසිය මොහුගෙන් ප්‍රශ්න කරගෙන යන අතර ඔහුට එරෙහිව යාපනයේ විවිධ පොලිස් ස්ථාන වල දමා ඇති පැමිණිලි සම්බන්ධයෙන්ද විමර්ශනයන් ආරම්හ කොට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

World News

Send your contact Details Today