Latest News

යුක්‍රේනයේ නැගෙනහිර කලාපයට තවත් අමානුෂික ප්‍රහාරයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි අටක් සහ පරිපාලනස ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බවයි යුක්‍රේන හදිසි සේවා වාර්තා කර තිබෙන්නේ.

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ නගරයක් වන ඩොබ්‍රොපිලියා වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙම නගර රුසියානු පරිපාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් නගරයට වයඹ දෙසින් පිහිටා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today