Latest News

සෙව්වන්දි ගිය තැන සොයා පොලීසිය තවමත් ඉව අල්ලයි – ලැබුණු අලුත්ම හෝඩුවාව ගැන කියන කතාව මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීම මෙරට එය මෙහෙය වූ මළ මොලකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව බෝට්ටුවකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායන්නට ඇති බවට සැක පළ වී තිබෙනවා.

එම කාන්තාව සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ස්ථාන 200කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් පරීක්‍ෂා කළ ද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ.

ජංගම දුරකථන භාවිතය ද ඇය නතර කර ඇති නිසා ඇය පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට අපහසුවී තිබෙනවා.

දකුණු පළාතේ මුහුදු තීරය ඔස්සේ ඇය මෙරටින් පලායනට ඇති බවට විශාල සැකයක් මේ වන විට ඇතිව තිබෙන බවද වාර්තා වනවා.

මෙම තත්ත්වය මත ඇය සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශ සමග හුවමාරු කරගැනීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.

World News

Send your contact Details Today