Latest News

රුසියාවට වඩා අමාරුකාරයෙක් ගැන ට්‍රම්ප් කට අරියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවට වඩා යුක්‍රේනය සමග කටයුතු කිරීම අසීරු බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

දෙරට අතර යුද්ධය අවසන් කිරීම සඳහා දරණ උත්සහයේ දී රුසියාවට වඩා යුක්‍රේනය සමග ගණුදෙනු කිරීම දුෂ්කර බව අමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියා.

රුසියාව මේ සඳහා ඉතා හොඳ ප්‍රවේශයක් ලබාදී ඇති අතර කියෙව්ට වඩා මොස්කව් සමඟ කටයුතු කිරීම පහසු බවයි ඕවල් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ.

යුක්‍රේනය සමග සටන් විරාමයකට එළඹෙන තෙක් රුසියාවට විශාල ප්‍රමාණයේ සම්බාධක සහ තීරුබදු පැනවීටම තමන් සලකා බලන බව ඔහු කියා සිටියා.

අමෙරිකාවෙන් යුක්‍රේනයට ලබාදෙන යුද ආධාර අත්හිටුවීමෙන් යුක්‍රේනයේ ඇතැම් චන්ද්‍රිකා ඡායාරූප වෙත ප්‍රවේශ විමේ හැකියාව අමෙරිකාව විසින් අත්හිටුවා ඇති බව අභ්‍යවකාශ තාක්ෂණ සමාගමක් වන මැක්සාර් ආයතනය ප්‍රකාශ කරනවා.

මේ අතර රුසියාව යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා.

අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටින්නේ යුක්‍රේනයේ ඛනිජ සම්පත්වල ප්‍රධාන කොටස් ලබාදෙන ගිවිසුමක් අත්සන් කිරීමට සහ රුසියාව සමඟ ඉක්මන් සටන් විරාමයකට එළඹිම තම බලාපොරොත්තුව බවයි.

World News

Send your contact Details Today