Latest News

“ඇල්ෆ්‍රඩ්” ඇවිත් බ්‍රිස්බේන් වනසයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“ඇල්ෆ්‍රඩ්” සුළි කුණාටුවෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ප්‍රදේශයට බලපෑම් එල්ල වී තිබෙනවා.

දුර්ලබ ව්‍යසනකාරී සුළි කුණාටුවක් ලෙසයි “ඇල්ෆ්‍රඩ්” සුළි කුණාටුව සැලකෙන්නේ.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට දැඩි සුළං සමග වර්ෂාව ඇතිව තිබෙනවා.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් වෙරළ තීරයට ද සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

කුණාටුව ක්වීන්ස්ලන්ඩ් අගනුවර සිට බ්‍රිස්බ්‍රේන් දෙසට ගමන් කරමින් පවතින අතර ප්‍රදේශයේ මිලියන 4ක පමණ ජනතාවක් මෙහි බලපෑමට ලක්ව සිටිනවා.

මෙම සුළි කුණාටුව අත්ලාන්තික් ද්‍රෝණියේ නිවර්තන කුණාටුවකට සමාන බවයි කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today