Latest News

සමාජ මාධ්‍යයේ Visa සොරකමක් ගැන දැනුම්වත් කිරීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් දැනුම් දී ඇත්තේ වීසා අයදුම්කරුවන් නොමඟ යවන වංචාකාරුවන්ට අයත් සංක්‍රමණ නියෝජිත ආයතනවලින් ප්‍රවේශම් වෙන ලෙසයි.

මෙවැනි වංචනික ක්‍රියා බොහෝදුරට සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුවන බවට අනාවරණය වී තිබෙනවා.

එවැනි සංක්‍රමණ නියෝජිතයන් සහ ආයතන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අයදුම්කරුවන් රටවා වැඩි ගාස්තුවක් අයකර ගන්නා බවයි දැක්වෙන්නේ.

ඔවුන් ලබාදෙන උපදෙස් නීති විරෝධී සහ අයදුම්කරුවන් නොමඟ යවන ඒවා වීම ද කැපී පෙනෙනවා.

ඔබත් සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් හෝ ආයතනයකින් වීසා උපදෙස් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් සංක්‍රමණ නියෝජිතයන් ලියාපදිංචි කිරීමේ අධිකාරියේ (OMARA) ලියාපදිංචි වී සිටින සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් හෝ ආයතනයකින් පමණක් උපදෙස් ලබා ගන්නා ලෙසටයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

World News

Send your contact Details Today