Latest News

ආයුධ සන්නද්ධ තරුණයෙකු ගුවන්යානයකට කඩා වැදීමෙන් විශාල කලබලයක් (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගිනි අවියක් සහිතව වික්ටෝරියා ගුවන් යානයකට ගොඩවූ තරුණයෙකු අත්අඩංගුට ගැනීමට එහි නියමුවන් ඇතුළු නිළධාරීන් සමත්ව තිබෙනවා.

සිඩ්නි බලා ගිය Jetstar ගුවන් යානයකදී සිදු වූ සිදුවීමෙන් ඊයේ Avalon ගුවන් තොටුපළේ දී මෙම 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැණුනා.

ගුවන් යානයේ සිටි මගියෙකු පැවසුවේ මෙම තරුණයා ගුවන් යානය පැහැර ගැනීම සඳහා ගිනි අවියක් සමග ගුවන් නියමු කුටියට යෑමට උත්සහ කළ බවයි.

පසුව යානයේ සිටි නිළධාරීන් එක්ව ඔහුව කඩිනමින් මර්දනය කර තිබෙනවා.

එම අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 160 දෙනෙකු සිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර තරුණයාට අයත් බෑග් දෙකක් ද බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් සෝදිසියකට ලක්කර තිබුණා.

ගිනි අවියක් සන්තකයේ තබාගැනීම, ගුවන් යානයක ආරක්ෂාව අනතුරේ දැමීම, බෝම්බ බියක් ඇති කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන්, මේ වනවිට මෙම තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

World News

Send your contact Details Today