Latest News

ලංකාවේ විශේෂ කේෂ්ත්‍ර දෙකකට කාන්තා රියැදුරන් බඳවා ගැනෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දුම්රිය සේවයට මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රපත්තිමය තීන්දුවක් ලබාගෙන තියෙන බව සභානායක බිමල් රත්නායක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේදීයි.

හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අමාත්‍යංශයේ ඇමතිවරු තිදෙනා සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹෙන බවයි ඔහු සඳහන් කළේ.

එහිදී ඔහු මෙසේද පැවසුවා,

”දුම්රිය සේවය ගොඩාක් තනතුරු තිබෙනවා. ඒවයි කිසිම කාන්තාවක් වැඩ කරන්නේ නැති ක්ෂේත්‍ර තිබෙනවා. බස් වලත් ලංගමෙත් එහෙමයි. අපි හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අමාත්‍යංශයේ ඇමතිවරු තුන්දෙනාම තීන්දු කරලා තිබෙනවා ලංගම ඒ වගේම දුම්රිය සේවය මේ හැම එකටම කාන්තාවන් බඳවා ගැනීමට අදාළ කරන ප්‍රපත්තිමය අපි තීන්දු අරන් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඉතාම කාර්යක්ෂමව වැඩ කරන බස් රථ රියදුරුවරියන්, දුම්රිය රියදුරුවරියන් අපිට තව අවුරුද්දක් යනකොට දකින්න කියලා. ඉතින් සිහිනයක් තියෙනවා වැඩිපුර කාන්තාවන්ට බාරදෙන්න. ඉතින් බලමු අපි ඒ වගේ සිහින එක්ක තමයි ජීවත් වෙන්නේ.”

World News

Send your contact Details Today