Latest News

Space X නිසා ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව නවත්වයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපද ගුවන් සේවා බලධාරීන් විසින් ෆ්ලොරිඩා ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ දියත් කිරීමෙන් ටික කලකට පසු පාලනයෙන් ඉවත් වූ SpaceX හි Starship යානයේ සුන්බුන් කඩා වැටීම පිළිබඳ අවදානමක් හේතුවෙන්.

ඒ අනුව අත්ලාන්තික් සාගරයට ඉහළින් දියත් කිරීම අසාර්ථක වීමෙන් පසු ඔර්ලන්ඩෝ සහ මියාමි හි ගුවන් තොටුපළවල මෙම තාවකාලික ගුවන් ගමන් නැවතීම සිදු කර තිබුණා.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) ප්‍රකාශයකින් කියැවුණේ “අභ්‍යවකාශ දියත් කිරීමේ සිදුවීමක්” හේතුවෙන් ගුවන් තොටුපළවලට සහ ඉන් පිටතට ගුවන් ගමන් ප්‍රමාද වන බවයි.

කෙසේවෙතත් බ්‍රහස්පතින්දා සිදු වූ මෙම අනපේක්ෂිත පිපිරීම පිළිබඳව SpaceX වෙනුවෙන් ඉලෝන් මස්ක් තවමත් අදහස් දක්වා නැහැ.

World News

Send your contact Details Today