අළු බදාදා දින ආගම් අපහාසයක් සිදුවන ලෙස පාසලේ සිසුන් කිහිප දෙනෙකුගේ නුසුදුසු හැසිරීම සම්බන්ධයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එල්.ඩබ්ලිව්.කේ. සිල්වා මහතා ඊයේ සමාව අයැද සිටියා.
ඔහු නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙන්නේ මෙවැනි සිදුවීම් අනාගතයේදී නැවත සිදු නොවීම සඳහා ප්‍රතිකර්ම ගැනීමට සහතික වන බවයි.
විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පහතින්…
“රාජකීය විද්‍යාලයේ පාපැදි පෙරහැර 2025 අතරතුර සිදුවූ සිද්ධියක් පිළිබඳව මා දැනුවත් වී ඇත. මා වෙත යොමු කරන ලද වීඩියෝ පටිගත කිරීමක, අප විද්‍යාලයේ සිසුවකු විසින් නුසුදුසු ලෙස හැසිරෙන ආකාරය මම නිරීක්ෂණය කළෙමි. එම සිසුවා ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන සංකේතයක් වන ලී කුරුසයක් රැගෙන යන අතර, නිසි ගෞරවයකින් තොරව එය හැසිරවීම දක්නට ලැබේ.
තවද, එවැනි සංකේතයක් එය නුසුදුසු අවස්ථාවක පෙරහැරක තිබීම ගැඹුරින් කනගාටුදායක කරුණකි.
මෙම සිද්ධිය ක්‍රිස්තියානි ආගම අදහන අය සඳහා පවිත්‍ර දිනයක් වන ‘අළු බදාදා’ වූ ඊයේ දිනයේ සිදුවූ බැවින් මම තවදුරටත් කනගාටුවට පත්ව සිටිමි.
පළමුවෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මම කොන්දේසි රහිතව සමාව අයැද සිටින අතර, මෙය රාජකීය විද්‍යාලය විසින් කිසිසේත්ම අනුමත නොකළ ක්‍රියාවක් බව තරයේ ප්‍රකාශ කරමි. මෙම ක්‍රියාව බහු ආගමික ආයතනයක් ලෙස රාජකීය විද්‍යාලයේ සම්පූර්ණයෙන්ම පවතින වටිනාකම්වලට පටහැනි වේ.
කරුණෙහි බරපතලකම සැලකිල්ලට ගෙන, මෙවැනි සිදුවීම් අනාගතයේදී නැවත සිදු නොවීම සඳහා විද්‍යාලය ප්‍රතිකර්ම ගනු ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක්ද සිදු කරනු ඇත.”
මෙම සිද්ධිය 2025 රාජකීය විද්‍යාලයේ පාපැදි පෙරහැර අතරතුර සිදුවී ඇති අතර, ක්‍රිස්තියානි ජනතාවට වැදගත් වන ලී කුරුසයක් නුසුදුසු ලෙස පාවිච්චි කිරීමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.

මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් ආගමට අපහාස වන ලෙස හැසිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය දැඩි අප්‍රසාදය ප්‍රකාශ කර සිටි අතර, එම ක්‍රියාව කිතුනු භක්තිකයන් පූජනීය ලෙස සලකන කුරුසියට අපහාස කිරීමක් ලෙස හඳුන්වා දී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය සහ කොළඹ අගරදගුරු පදවිය, කතෝලික පාසල්වල සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා විසින් අදාළ පාසලේ විදුහල්පති වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිය බලවත් අප්‍රසාදය පළකර තිබෙනවා.
“ඔබේ පාසලේ දරුවන් කුරුසයක් රැගෙන ඇවිද ගොස් එම වස්තුවට අපහාස වන ආකාරයෙන් හැසිරුණු බව අපට දැනගන්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ මුළු කතෝලික රදගුරු සම්මේලනය, සියලුම පූජකවරු සහ කන්‍යා සොහොයුරියෝ මෙම ක්‍රියාවෙන් කම්පනයට පත් වී සිටිති. කිසිවකු කිසිදු ආගමකට අපහාස නොකළ යුතු බව අපි විශ්වාස කරමු. ඔබේ පාසල ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කළ ක්‍රිස්තියානි පූජකයකු විසින් ආරම්භ කරන ලද බව ඔබ මතක තබාගත යුතුයි,” යැයි ඩයස් පියතුමා සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.
කොළඹ රාජකීය විද්‍යාලයේ මහා ක්‍රිකට් තරගයට සමගාමීව ‘සයිකල් පැරඩ්’ නමින් සංවිධානය කළ වීදි පෙලපාලියේ අතරතුර ට්‍රක් රථයක ගමන් කරමින් සිටි පාසලේ සිසුන් කිහිප දෙනෙකු කුරුසියක් රැගෙන ගොස් එය අනිසි ලෙස පරිහරණය කරමින් කතෝලික ආගමික සංකේතයකට අපහාස වන ආකාරයෙන් හැසිරී ඇති බව වාර්තා වී තිබුණා.
මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය තුළ දෝෂ දර්ශනයටද ලක්වූ අතර මේ වනවිට පාසලේ විදුහල්පතිවරයාද සමාව ඉල්ලා තිබෙනවා.

