හමුදා වියදම් ඉහළ නැංවීමට සැලසුම් කරන බව තායිවානයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.
ඒ විටින්විට වෙනස්වන ජාත්‍යන්තර තත්ත්වය සහ විරුද්ධවාදීන්ගෙන් උග්රවන තර්ජන හමුවේයී.
අමාත්‍ය වෙලින්ටන් කූ ඒ සම්බන්ධයෙන් කිසිඳු නිල සංඛ්‍යාලේඛනයක් ඉදිරිපත් කර නොමැති නමුත්, ජනාධිපති විලියම් ලායි චිං-ටේ සතුරු තර්ජන සහ හදිසි සූදානම අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අමාත්‍යාංශය සමඟ කටයුතු කරන බව පැවසුවා.
එහෙත් ඔහු පවසා ඇත්තේ චීනයෙන් එල්ල වන පීඩනය දිනෙන් දින ඉහළ යන බවයි.
ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ආරක්ෂක අයවැයේ අනුපාතය වැඩකරන බව තායිවාන ආරක්ෂක අමාත්‍ය කූ පවසා තිබෙනවා.
තායිවානය දැනට සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.45% ක් පමණ සිය හමුදාව සඳහා වැය කරනවා.