Latest News

රනිල්ගේ බටලන්ද වාර්තාව, ලංකාවේ හිටපු BBC වර්තාකාරිනිය එළියට දමයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ හිටපු බීබීසී වාර්තාකාරිනී ෆ්‍රැන්සිස් හැරිසන්, හිටපු ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න ඇසීමට සිටි සාමාජිකාවක ලෙස කටයුතු කළ අතර, සාකච්ඡාව අතරතුර රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළ පැරණි ලේඛනයක් වන බටලන්ද කොමිෂන් සභා වාර්තාව නැවත හුවමාරු කරගෙන තිබෙනවා.

සම්මුඛ සාකච්ඡාව අතරතුර, බටලන්ද නිවාස සංකීර්ණයේ නීතිවිරෝධී රඳවා තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ ඝාතන පිළිබඳව තමා දැන සිටි බවට රජය විසින් පත්කළ බටලන්ද කොමිසම විසින් කරන ලද චෝදනා රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළා.

“මම ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා,” යැයි ඔහු ආවේගශීලීව සඳහන් කළා.

එම ප්‍රශ්නය ඇසීමේදී, මුලදී, රනිල් වික්‍රමසිංහ එවැනි වාර්තාවක් නොපවතින බව ප්‍රකාශ කළ නමුත් අල් ජසීරා ආයතනය එහි පිටපතක් ලබාගෙන තිබුණා.

පසුව, රනිල් වික්‍රමසිංහ පැවසුවේ එය කිසි විටෙකත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බැවින් එය නිල ලේඛනයක් නොවන බවයි.

“ඒක පාර්ලිමේන්තුවේ සභාගත කර නැහැ. එයින් මට විරුද්ධව කිසිවක් සොයාගැනීමට නොහැකියි” ලෙසයි ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් මෙම බටලන්ද කොමිෂන් වාර්තාව සිට X ගිණුම ඔස්සේ හුවමාරු කරමින් ෆ්‍රැන්සිස් හැරිසන් මෙසේ සඳහන් කරනවා.

“80 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සඳහා භාවිත කරන ලද අතහැර දැමූ නිවාස සංකීර්ණයක් වූ බටලන්ද පිළිබඳ රජයේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවක් පැවතීම රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරයි. එම වාර්තාව මෙතැනින් කියවන්න.”

World News

Send your contact Details Today