Latest News

යුක්‍රේනයේ බලශක්ති මධ්‍යස්ථානයකට රුසියාවෙන් ප්‍රහාරයක් (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු දිග යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බලශක්ති මධ්‍යස්ථානයක් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

සති 2 ක් තුළ බලශක්ති යටිතල පහසුකම් මධ්‍යස්ථානවලට එල්ල වූ 04 වන ප්‍රහාරය මෙය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් විදුලිබල සැපයුමට හා ජල සම්පාදනයට ද බලපෑම් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණ බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් රුසියාව එල්ල කළ ඩ්‍රෝන 181 න් 115 ක් විනාශ කළ බවයි යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ.

World News

Send your contact Details Today