Latest News

අමෙරිකාවට එරෙහිව සටන් කිරීමට සූදානම් බව චීනය කියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕනෑම වෙළඳ යුද්ධයක, කටුක අවසානය දක්වා තම රට සටන් කිරීමට සූදානම් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් පවසනවා.

ඊයේ සිට ඇමරිකාව විසින් චීනය සදහා පැනවූ සියයට 10 තීරුබදු පිළිබදව අදහස් පළ කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය, කැනඩාව සහ මෙක්සිකෝවේ සිට සිය රටට ආනයනය කරනු ලබන භාණ්ඩ මත අතිරේක සියයට 25 බදු පැනවීමට ගනු ලැබූ තීරණය ඊයේ සිට බලාත්මක කරනු ලැබුවා.

මෙම තීරණය කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ මෙක්සිකෝ ජනාධිපතිණි ක්ලෝඩියා ෂයින්බොම් ද දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය ඉතා අඥාන ක්‍රියාවක් බවයි.

සිය ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා නොනවතින සටනක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today