ඔස්ට්‍රේලියාවේ – Brisbane නගරය සදහා සුළි කුණාටු අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
“ඇල්ෆ්‍රඩ්” ලෙස නම් කර ඇති මෙම සුළිකුණාටුව හෙතු්වෙන් අධික වර්ෂාපතනයක් සහ පැයට කිලෝමීටර 155 පමණ තද සුළං ඇතිවීමේ ඉඩකඩ පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි අතර දේපල දහස් ගණනක් අවදානමට ලක් විය හැකි බවයි වාර්තා වන්නේ.
මෙම තත්වයට පෙර සූදානමක් ලෙසින් එරට පාසල් දින දෙකක් වසා දමා ඇති අතර, අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල පදිංචිකරුවන්ට වෙනත් ස්ථාන කරා යාමටද බලධාරීන් දැනුම් දී තිබෙනවා.