Latest News

යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා අවශ්‍ය නම් කල යුතු දේ ගැන සෙලෙන්ස්කි කියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුද්ධය අවසන් කිරීමට සාකච්ඡා අවශ්‍ය නම් බැලැස්ටික් මිසයිලවලින් ජනතාව ඉලක්ක කර නොගන්නැයි යුක්‍රේන ජනපති වොලොදමිර් සෙලෙන්ස්කි රුසියාවට ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ පෙරේදා වන විට රුසියානු හමුදාවේ වැඩි වශයෙන් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

ගතවූ සතියේදී පමණක් රුසියාව විසින් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාර 1,050ක් සහ බෝම්බ ප්‍රහාර 1,300ක් එල්ල කළ බවත්, මිසයිල 20කට වැඩි ප්‍රමාණයකින් ද යුක්රේනය ඉලක්ක කරගත් බවත් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා.

ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ අමෙරිකාවේ උපජනාධිපතිවරයාගේ දැඩි වාග් සංග්‍රාමයකට ගොදුරු වූ යුක්රේන ජනාධිපතිවරයා එංගලන්තයේ සංචාරය නිරත වූ අතර, එහිදී බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාමර් ඇතුළු යුරෝපා නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වනවා.

World News

Send your contact Details Today