Latest News

ජපානය ඇවිලෙයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දශක තුනකට පසු හටගෙන ඇති දැවැන්තම ලැව්ගින්නට ජපානය මේ වනවිට මුහුණ දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා දෙදහසකට අධික ගිනි නිවන භටයින් සංඛ්‍යාවක් යොදවා ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට උතුරුදිග ජපානයේ ඔෆුනාටෝ නගරයේ අක්කර 5,200ට අධික භූමි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ඇති බවයි ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කරන්නේ.

ගොඩනැගිලි 80ට අධික සංඛ්‍යාවකට ගින්නෙන් හානි සිදුව ඇති අතර ගිනි නිවන භටයින්ට අමතරව හෙලිකොප්ටර් යානා 16ක් ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔෆුනාටෝ නගරයට ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී වියළි කාලගුණයක් පවතින අතර පෙබරවාරි මාසයේදී සාමාන්‍යයෙන් මිලිමීටර් 41ක පමණ වර්ෂාපතනයක් ලැබුණ ද පසුගිය පෙබරවාරියේදී ලැබී ඇත්තේ මිලිමීටර් 2.5ක වර්ෂාපතනයක් පමණක් බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

වසර 20ට පමණ පසු පෙබරවාරි මාසයෙකදී එම නගරයට ලැබුණු අඩුම වර්ෂාපතනය ද එය වනවා.

World News

Send your contact Details Today