Latest News

ක්වොන්ටම් පරිගණක සිහිනය යථාර්තයක් වන ලකුණු

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Zuchongzhi 3.0 නම් සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක මූලාකෘතියක් එළි දැක්වීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

ඒ සමඟින් ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් සනිටුහන්ව ඇති අතර, මෙම ජයග්‍රහණය සුපිරි සන්නායක පද්ධති තුළ ක්වොන්ටම් පරිගණක භාවිතයේ නව වාර්තාවක් ද බවයි වාර්තා වන්නේ.

චීන ක්වොන්ටම් භෞතික විද්‍යාඥයින් වන Pan Jianwei, Zhu Xiaobo සහ Peng Chengzhi විසින් සංවර්ධනය කරන ලද මෙම Zuchongzhi 3.0 පද්ධතිය, ලොව බලවත්ම සුපිරි පරිගණකයට ද වඩා ට්‍රිලියන දහසක (quadrillion) ගුණයකින් වේගවත් වනවා.

එමෙන්ම 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ලොව ප්‍රකට Nature සඟරාවේ Google හි නවතම ප්‍රතිඵලවලට ද වඩා මිලියනයක ගුණයක වේගයකින් ක්වොන්ටම් අහඹු පරිපථ සාම්පල සැකසීමේ කාර්යය ද මෙම නව පද්ධතිය හරහා සිදු කිරීමේ හැකියාව තිබෙනවා.

අති නවීන කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලබන නව සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණකයක මිනුම් ලකුණක් ලෙස මෙය හැඳින්විය හැකි බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today