Latest News

2050 වනවිට අධික තරබාරුවෙන් පෙළෙන දරුවන් සිටින රටක් ගැන පර්යේෂණයකින් හෙළිවේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2050 වනවිට ඔස්ට්‍රේලියානු දරුවන්ගෙන් අඩක් අධික තරබාරුවෙන් පෙළෙනු ඇතැයි සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

මෙල්බන් හි මර්ඩොක් ළමා පර්යේෂණ ආයතනය විසිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ළමුන් සහ යෞවනයන් මේ වනවිට තරබාරුකමේ වේගවත්ම සංක්‍රාන්ති කිහිපයක් පසුකරමින් සිටින බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ලෝක ස්ථූලතා දිනයේදී නිකුත්කළ මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ ගැහැණු ළමුන් අධික තරබාරුවීමට වැඩි ඉඩක් පවතින බවයි.

2050 වනවිට වයස අවුරුදු 5 ත් 24 ත් අතර පුද්ගලයින් මිලියන 2.2 ක් අධික තරබාරුවෙන් පෙළෙනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

එමෙන්ම මිලියන 1.6 ක් අධික බරෙන් පෙළෙනු ඇති බවද පර්යේෂකයින් සඳහන් කළා.

2050 වනවිට ලොව පුරා දරුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරුව අත්විඳිනු ඇති බවද මෙල්බන් පර්යේෂණ කණ්ඩායම අනාවැකි පළකර තිබෙනවා.

World News

Send your contact Details Today