Latest News

ආසියානු සංවර්ධන බැංකු ණය මුදලේ සහ ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ආසියානු සංවර්ධන බැංකු ණය මුදලේ සහ ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාව සහ ප්‍රතිචාරාත්මක බව වැඩි දියුණු කිරීම අපේක්ෂා කරමින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කළා.

ඒ සඳහා වන මුල් මූල්‍යකරණය අමෙරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් හා අමෙරිකානු ඩොලර් මිලියන 12.5 ක ප්‍රදානයකින් සමන්විතයි.

ඊට අමතරව, එම ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 110ක ණය මුදලක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා ගෙන තිබෙනවා.

ව්‍යාපෘතිය සඳහා මුල් මූල්‍යකරණය යටතේ ලබා ගෙන ඇති ණය මුදල සහ ප්‍රදානය සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීම පිණිසයි ඒවායේ වලංගු කාල සීමාව තවත් වර්ෂයකින් දීර්ඝ කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව, සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ මුල් ණය හා ප්‍රදානයෙහි වලංගු කාල සීමාව 2025-11-30 දින දක්වාත්, ණය මුදල ගිණුම් පියවා අවසන් කිරීමේ දිනය 2026-05-31 දින දක්වාත් දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

World News

Send your contact Details Today