තායිවානයට එල්ල වන චීන ආක්‍රමණයක් ව්‍යසනකාරී වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මෙම අදහස් පළ කර තිබුණේ, තායිවානයේ ප්‍රමුඛ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගමක් වන titan TSMC අමෙරිකාවේ ප්‍රධාන ආයෝජනයක් නිවේදනය කිරීමෙන් අනතුරුවයි.
මෙම නව ගනුදෙනුවත් සමග තායිවානයට අමෙරිකානු ජනාධිපතිවරයාගේ සහය හිමිවනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් මත පළ කරන්නේ.
ආයෝජනය පිළිබඳ නිවේදනයේ දී ට්‍රම්ප් ද පවසා තිබුණේ, ගනුදෙනුව දෙරටටම වැදගත් ව්‍යාපාරයක් වනු ඇති බවයි.
තායිවාන නිෂ්පාදන සමාගම එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 100ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (03) ප්‍රකාශ කළා.
ලොව විශාලතම අර්ධ සන්නායක නිෂ්පාදකයා වන TSMC සමාගම Apple, Intel සහ Nvidia ඇතුළු සමාගම් සඳහා චිප් නිෂ්පාදනය කරන අතර බයිඩ්න් පරිපාලනය බිලියන ගනනක සහනාධාර පිරිනැමීමෙන් පසුව එම සමාගම දැනටමත් ඇරිසෝනාහි කම්හල් තුනක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.
ඇරිසෝනා හි එහි පළමු කර්මාන්තශාලාව එහි නැනෝමීටර 4 චිප් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.