ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ “සංකීර්ණ සායනික තත්ත්වයක්” සඳහා ප්‍රතිකාර ලබන අතර ඒ සඳහා අවශ්‍ය තරම් කාලයක් රෝහලේ රැඳී සිටිනු ඇතැයි වතිකානය නිවේදනය කරනවා.
88 හැවිරිදි ශුද්ධෝත්තම පියතුමන් බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර හා පරීක්ෂණ සඳහා සිකුරාදා රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණු අතර සඳුදා, වතිකානය සඳහන් කළේ, පාප් වහන්සේගේ ශ්වසන පද්ධතියේ “බහු ක්ෂුද්‍ර ජීවී ආසාදනයක්” ඇති බවත්, උන් වහන්සේට ලබා දෙන ප්‍රතිකාරවල වෙනසක් අවශ්‍ය වී ඇති බවයි.
පසුව, තවදුරටත් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යාවත්කාලීන කරමින් වතිකානය සඳහන් කළේ, පාප් වහන්සේ නියමිත ප්‍රතිකාර ලබන බවත් ස්ථාවර තත්ත්වයේ සිටින උන්වහන්සේට උණ රෝග තත්ත්වයක් නොමැති බවයි.
ශූද්ධෝත්තම පියතුමන් සඳුදා රෝහලේ සිටියදී පොත් කියවීම් ද කර තිබුණූ බව වාර්තා වනවා.
පසුගිය පැය කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලැබුණු සෙනෙහස සහ සමීපත්වයේ පණිවිඩවලට උන්වහන්සේගේ කෘතඥතාව මෙසේ නිවේදනය කර තිබුණු බව ද වාර්තා වනවා
මේ අවස්ථාවේ රෝහල්ගතව සිටින, චිත්‍ර ඇඳීමෙන් සහ සුබ පැතුම් පණිවිඩ මඟින් දක්වා ඇති සෙනෙහස සහ ආදරය වෙනුවෙන් ඒ අයට, විශේෂයෙන් ස්තුති කිරීමට ශුද්ධෝත්තම පියතුමන්ට අවශ්‍ය යි, උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන අතර උන්වහන්සේ වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ද ඉල්ලා සිටියා.