Latest News

97 වැනි Oscar උළෙලේ, සම්මාන බෙදුණේ මෙහෙමයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ඩොල්බි තියටර් හි පැවැති 97 වැනි ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට බෘටලිස්ට් චිත්‍රපටයේ රඟපෑ ඒඩ්‍රියන් බ්‍රෝඩි සමත් වූ අතර හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට ඇනෝරා චිත්‍රපටයේ රඟපෑ මිකී මැඩිසන් සමත් වූවා.

ප්‍රහසන ශිල්පියකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන කෝනෑන් ඕබ්‍රයන් ප්‍රථම වරට මෙවර ඇකඩමි සම්මාන උළෙල ඉදිරිපත් කළ අතර එය පැය 4 කට ආසන්න කාලයක් දිව ගියා.

මෙවර ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය “අ රියල් පේන්” චිත්‍රපටයේ රඟපෑ කිරන් කල්කින් හිමිකරගත් අතර හොඳම සහාය නිළියට හිමි සම්මානය එමිලියා පෙරේස් චිත්‍රපටයේ රඟපෑ සෝයි සැල්ඩානා හිමිකර ගත්තා.

එසේම හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඇනෝරා චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ ෂෝන් බේකර් හිමිකර ගත්තා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ඇතුළුව ඔස්කාර් සම්මාන 5 ක් දිනා ගැනීමට ඇනෝරා චිත්‍රපටයට හැකියාව ලැබුණා.

ඇනෝරා චිත්‍රපටයේ අධ්‍යක්ෂ ෂෝන් බේකර් එකම චිත්‍රපටයක් සඳහා එකම වසරේ ඔස්කාර් සම්මාන හතරක් දිනාගත් පළමු පුද්ගලයා බවට පත්වීමෙන් ඉතිහාසගත වීම මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ සිදුවූ විශේෂ සිදුවීමක් වුණා.

ඇනෝරා චිත්‍රපටයට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී මුල් තිර රචනය, හොඳම චිත්‍රපට සංස්කරණය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මාන හිමිව තිබූ අතර එම සම්මාන සියල්ලම ෂෝන් බේකර් විසින් දිනාගනු ලැබුවා.

මිට පෙර 1953 වසරේදී වෝල්ට් ඩිස්නි සමාගම එකම චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මාන හතරක් දිනාගෙන තිබුණා.

එසේම හොඳම සජීවීකරණ චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය හිමිකර ගැනීමට ෆ්ලෝ චිත්‍රපටයට හැකියාව ලැබුණේය. හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන ඔස්කාර් සම්මානය විකඩ් චිත්‍රපටයටත්, හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර සඳහා වන ඔස්කාර් සම්මානය සබ්ස්ටන්ස් චිත්‍රපටයත්, හොඳම වාර්තාමය චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය නෝ අදර් ලෑන්ඩ් චිත්‍රපටයත් හිමිකර ගත්තා.

World News

Send your contact Details Today