Latest News

විදෙස් සංචාර යන පාකිස්ථානුවන්ට නීති දැඩිවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්ථානයේ ප්‍රථම වරට විදෙස් සංචාරයකට එක්වන එරට සංචාරකයින්ට, ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් සීමා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂයෙන් ගුජ්රන්වාලා (Gujranwala), ගුජ්රාට් (Gujrat), සියල්කොට් (Sialkot), මන්ඩි බහද්දීන් (Mandi Bahauddin) සහ ජෙලුම් (Jhelum) යන ප්‍රදේශවලින් පැමිණෙන වයස අවුරුදු 35 ක් පමණ වයසැති අයට, සෞදි අරාබිය ඇතුළු රටවල් රැසකට ගමන් කිරීම සම්බන්ධයෙන් මෙලෙස සීමා පනවා තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එම රටවල් වන්නේ සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, තුර්කිය, කටාර්, අසර්බයිජානය, කුවේට්, කිර්ගිස්තානය, රුසියාව, ඊජිප්තුව, ලිබියාව, ඉතියෝපියාව, සෙනෙගල්, මොරිටේනියාව සහ කෙන්යාව ඇතුළු රටවල් 15ක්.

එම රටවලට පළමුවරට ඇතුළු වන මගීන් සඳහා ඒජන්සිය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන්.

සෞදි අරාබියට යාමට අවසර හිමි නොවූ වන්දනාකරුවෙකුගේ පෙත්සමක් සම්බන්ධයෙන් ලාහෝර් මහාධිකරණය ඉදිරිපත් කළ වාර්තාවකට අනුව, පාකිස්ථානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කර තිබුණේ, සංචාරකයින්ට පැහැදිලි ගමන් අරමුණක්, තහවුරු කළ හෝටල් වෙන් කිරීම් සහ ප්‍රමාණවත් මූල්‍ය සම්පත් තිබිය යුතු බවයි.

එමෙන්ම සෞදි අරාබිය සඳහා ගමන් කරන අයට ප්‍රමාණවත් ආගමික අවබෝධයක් තිබිය යුතු බව ද එම ඒජන්සිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙම තත්ත්වය මතුව ඇත්තේ පාකිස්ථානයේ සංචාරකයින් විවිධ රටවලට ඇතුළු වී එම රටවල නීතිවිරෝධී ක්‍රියා සහ සිගමන් යැදීම වැනි ක්‍රියා සිදුකිරීම හේතුවෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේයි.

බොහෝ රටවල් එලෙස චෝදනාවට ලක්වූ පාකිස්ථානුවන් රැසක් පිටුවහල් කර තිබෙනවා.

World News

Send your contact Details Today