Latest News

2030 වසරට පෙර චීනයේ ගගනගාමීන් කරන්න යන දෙයක් ගැන කියයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය ඇතුළු ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව චීනය පවසනවා.

චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය අද (03) ප්‍රකාශ කළේ මේ වසරේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් 2ක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

එම මෙහෙයුම් දෙක සඳහා ගගනගාමී කණ්ඩායම්‍ තෝරා පත් කර ඇති අතර, එහි ගගනගාමීන් අදාළ පුහුණු කටයුතු ද මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවයි එම කාර්යාලය සඳහන් කළේ.

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරි වසරවලදී පාකිස්ථාන ගගනගාමියෙකුට අදාළ පුහුණුව ලබාදෙමින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යොමු කීරීමට ද චීනය සූදානම්ව සිටී.

2030 වසරට පෙර ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩබෑම, චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ තවත් ප්‍රමුඛ අරමුණක්.

මේ වනවිට සඳ මතට ගොඩබෑමේ අදියරේ විවිධ පර්යේෂණ කටයුතු සැලසුම් සහගතව පවත්වා ගෙන යන බව ද චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

World News

Send your contact Details Today