ගාසා තීරයට ඇතුළු වන සියළුම ආධාර ට්‍රක් රථ නවතා දමන බවට ඊශ්‍රායලය නිවේදනය කරනවා.
හමාස් සංවිධානය අතර එළඹි සටන් විරාමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) සිදුකළ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුවයි ඊශ්‍රායලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
එහිදී ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණේ ස්ථිර සටන් විරාමයක් සඳහා වු ගිවිසුමකට එළඹෙන්නේ නම්, දැනට ජීවත්වන ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් නිදහස් කිරීම සහ ඉතිරි අය ගිවිසුම අවසානයේදී නිදහස් කිරීම යන කොන්දේසි මත මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට එකඟවනු ඇති බවයි.
කෙසේ වෙතත් එම ඉල්ලීමට එකග නොවන බවට හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.