Latest News

අමරිකානු රාජ්‍ය භාෂාව ගැනත් ට්‍රම්ප් තීරණයක් ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම මෙන්ම ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 30කට වැඩි සංඛ්‍යාවක් නිල භාෂාව ලෙස ඉංග්‍රීසි නම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today