පැය 14ක ගුවන් ගමනකදී යුවලකට මළසිරුරක් අසල වඩා වී යෑමට සිදුවු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකදීයි මෙය සිදුව තිබෙන්නේ.
මෙල්බර්න් සිට දෝහා දක්වා ඔවුන්ට මෙසේ ගමන් කිරීමට සිදුවුණා.
ගුවන් සේවකයින් තමන්ට මේ අයුරින් සැලකු බවයි අපහසුතාවට පත්වු යුවල සඳහන් කරන්නේ.
මෙම සිදුවීමෙන් තමන් කම්පනයට පත්වු බවයි ගුවන් මගීන් දෙදෙනා පවසන්නේ.
මේ සම්බන්ධයෙන් කටාර් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සඳහන් කරන්නේ තම කාර්ය මණ්ඩලය කිසිවෙකු අපහසුතාවට පත්කරන අදහසකින් ක්‍රියා නොකළ බවයි.
මිය ගොස් සිටි කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතින්ට අනුකුලව කටයුතු කළ බව ද ඔවුන් කියා සිටිනවා.