Latest News

හිමාල කඳුවැටියේ හිම කඳු කඩා වැටීමෙන් අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ දුරස්ථ දේශසීමා ප්‍රදේශයක සිදුවූ දැවැන්ත හිම කුණාටුවකින් මාර්ග සේවකයින් 41 දෙනෙකු පමණ සිරවී සිටින බව එරට නිලධාරීන් පවසනවා.

කෙසේවෙතත් ඉන් කම්කරුවන් 16 දෙනෙකු බේරාගෙන අසල පිහිටි හමුදා කඳවුරකට ගෙන ගොස් ඇති බවයි එරට පොලීසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ.

ටිබෙටය සමඟ දේශසීමාවක් හුවමාරු වන උත්තරාකන්ඩ් හි මානා හි දේශසීමා මාර්ග සංවිධානයේ කඳවුරකට හිම කුණාටුව කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙහිදී ඉන්දු-ටිබෙට් දේශසීමා පොලිසිය සහ අනෙකුත් කණ්ඩායම් විසින් ගලවා ගැනීමේ කටයුතු සිදු කරන බව උත්තරාකන්ඩ් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තහවුරු කර තිබෙනවා.

World News

Send your contact Details Today