රෝහල් ගතකර සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය යළි අයහපත් අතට හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උන්වහන්සසේට හුස්ම ගැනීමේ අපහසුතාවය තවමත් පවතින බවයි වතිකානුව නිවේදනය කළේ.
ඒ හේතුවෙන් උන්වහන්සේට කෘත්‍රිමව ඔක්සිජන් ලබාදෙමින් සිටිනවා.
කෙසේ වෙතත් පාප් වහන්සේට ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරුන් පවසා ඇත්තේ, උන්වහන්සේගේ වර්තමාන තත්ත්වය නීර්ණය කිරීමට තවත් පැය 24 හෝ පැය 48 ක කාලයක් අවශ්‍ය බවයි.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය 14 වනදා රෝමයේ ගැමේලි රෝහලට ඇතුළත් කළේ පෙනහලුවල ඇති වූ නියුමෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙන්.