චීනයේ තාක්ෂණික සැණකෙළියක් අතරතුරේ, ඊට යොදවා සිටි මානවරූපි කෘත්‍රිම බුද්ධි රොබෝවකු සැණකෙළියට සහභාගී වී සිටි නරඹන්නන්ට පහර දීමට උත්සහ ගන්නා අයුරුත්, ආරක්ෂක අංශ නිලධාරීන් රොබෝ මෙල්ල කර පසුපසට ගන්නා අයුරුත් දැක්වෙන වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.
මානවරූපී රොබෝවරුන් යනු මනුෂ්‍යයන් මෙන් නිර්මාණය කළ රොබෝ යන්ත්‍රයි.
මෙම රොබෝ යන්ත්‍රවලට කෘත්‍රිම බුද්ධි මෘදුකාංග සම්බන්ධ කළ විට එම යන්ත්‍ර තනිවම සිතමින් තර්කාණුකූලව තීන්දු තීරණ ගනු ලබනවා.
සැණකෙළියට මෙවනි රොබෝ යන්ත්‍ර කීපයක් ගෙනැවිත් තිබුණු අතර, ඒවාට ජැකට්ටු අන්දවා තිබුණා.
පහර දීමට තැත් කළ රොබෝ යාන්ත්‍රික දෝෂයකට ලක් වුණු අයකු බවයි පැවසෙන්නේ.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය 9 වැනිදා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එමෙන්ම තනියෙන් හිතන්න පුළුවන් කෘත්‍රිම බුද්ධි රොබෝවරුන්, මනුෂ්‍යයන් සමග ගැටීම මේ වනවිට ආරම්භ කර ඇත යනුවෙන් ද එම මධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.