Latest News

ට්‍රම්ප්ගේ කැබිනෙට්ටුවටත් උපදෙස් දෙන ඊලෝන් මස්ක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීමට ප්‍රකෝටිපති ඊලෝන් මස්ක් ද සහභාගී වී තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීම පැයකට වැඩි කාලයක් පැවැත්වුණා.

මෙම කැබිනට් රැස්විමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ වියදම් කපා හැරීමට ගත් උත්සහයන්ගේ සිට සංක්‍රමණ හා ආර්ථික කටයුතු මෙන්ම යුක්‍රේන යුද්ධය පිළිබඳව ද අදහස් දැක්වුවා.

කැබිනට් සාමාජිකයන් නොවන ඊලෝන් මස්ක්ගේ සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය ප්‍රසාදය පළ කළා.

ඒ විශේෂයෙන් රජයේ වියදම් සහ ෆෙඩරල් ශ්‍රම බලකාය කප්පාදු කිරීම සඳහා වන ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය සම්බන්ධවයි.

මේ අතර යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි හෙට දිනයේ දී ධවල මන්දිරයට පැමිණෙන බව ට්‍රම්ප් තහවුරු කළා.

ඒ දෙරට අතර ඛනිජ ගිවිසුමකට අත්සන් කිරීම සඳහායි.

ගත වූ වසර තුන තුළ යුක්‍රේනයට ලබාදී ඇති ආධාර සඳහා තම මුදල් ආපසු ලබා ගැනීමට මෙමගින් අමෙරිකාවට හැකිවනු ඇති බවටයි ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන්නේ.

World News

Send your contact Details Today