Latest News

සම්මානලාභී නළුවෙකු සහ ඔහුගේ බිරිඳ නිවසේදී අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්කාර් සම්මානලාභී ඇමරිකානු නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් දෙදෙනා නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි ඔවුන්ගේ නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ඔවුන්ගේ බල්ලාගේ සිරුරද නිවසේ තිබී සොයාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිය යන විට ජීන් හැක්මන් 95 වන වියේ පසු වූ අතර ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා 63 වන වියේ පසුවුණා.

කෙසේවෙතත් මෙම අබිරහස් මරණ පිළිබඳව එරට පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

World News

Send your contact Details Today