Latest News

බරපතල ගැටලුවක් නිසා බංග්ලාදේශ හමුදාපති කණගාටුවෙන්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංගලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් වකර් උස්-සමාන් (Waker-Uz-Zaman) තම රට තුළ ශීඝ්‍රයෙන් නරක අතට හැරෙන නීතිය හා සාමය පිළිබඳ බරපතල ගැටලුවක් පවතින බව පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, සමාජ දේශපාලන අර්බුදයකට තුඩුදී ඇති දේශපාලන ව්‍යාකූලත්වයට ඊට හේතුව බව පවසමින් හමුදාපතිවරයා දොස් පවරා ඇති බවයි.

එමෙන්ම බංග්ලාදේශ හමුදා ප්‍රධානියා පවසා ඇත්තේ, රට තුළ පවතින අර්බුදය කෙතරම් දරුණු වී ඇත්ද යත් පුරවැසියන් නිරන්තරයෙන් එකිනෙකාට නින්දා කිරීමෙහි නියැලී සිටින බවයි.

සන්නද්ධ හමුදා උත්සවයක් අමතමින් ජෙනරාල් වකර් උස්-සමාන් පවසා තිබුණේ “අපි දැක ඇති අරාජිකත්වය අප විසින්ම සාදා ගත් ඒවා” යනුවෙන්.

එසේ ම, තම සම වයසේ මිතුරන් එක්කෝ අධිකරණමය නඩුවලට මුහුණ දී සිටින නිසා හෝ සිරගත කර ඇති නිසා, ඉහළ මට්ටමේ සිට කනිෂ්ඨ නිලයන් දක්වා – නිලධාරීන් බියෙන් පසුවන බව පවසා තිබූ ජෙනරාල්වරයා, අතිශය අකාර්යක්ෂම පොලිස් බලකාය පිළිබඳ ඔහුගේ කනස්සල්ල ද පළ කළ බව එම මාධ්‍ය වාර්තා පවසනවා.

World News

Send your contact Details Today