Latest News

ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන්, රෝගීන් 419 ක් සහ මරණ 53 ක් වාර්තා වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම රෝග කාරකය පළමුවෙන්ම හඳුනාගෙන ඇත්තේ වවුලෙකු ආහාරයට ගත් දරුවන් තිදෙනෙකු පැය 48 ක් ඇතුළත මිය යාමත් සමඟ බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම වසංගත තත්ත්වයේ රෝග ලක්ෂණ බොහෝ විට උණ, වමනය සහ අභ්‍යන්තර රුධිර වහනයවීම් දැක ගත හැකි බව සඳහන්.

ඉබෝලා, ඩෙංගු සහ කහ උණ ​​වැනි රෝග වලද “උණ රක්තපාත” තත්ත්වය සාමාන්‍යයෙන් දැක ගත හැකි වුවත්, ඉහත රෝගී තත්ත්වය සහිත රෝගීන්ගෙන් ගත් සාම්පල සමග සාමානවීමක් නොමැති බවයි පර්යේෂකයන් පවසන්නේ.

මෙම වසංගත රෝගය කොංගෝ රාජ්‍යයේ පැතිරීම ජනවාරි 21 වන දින ආරම්භ වූ අතර මේ වන විට රෝගීන් 419 ක් වාර්තා වී ඇති අතර මරණ 53 ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

වන සතුන් බහුලව ආහාරයට ගැනීම තුලින් සතුන්ගෙන් මිනිසුන්ට රෝග පැතිරීම ඉතා පහසුවෙන් සිදු වන බවත් පසුගිය දශකය තුළ අප්‍රිකාවේ එවැනි පැතිරීම 60% කට වඩා වැඩි අගයකින් වර්ධනය වී ඇත බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

World News

Send your contact Details Today