චීනයේ තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම වහාම නතර කරන ලෙස චීනය, අමරිකාවෙන් ඉල්ලා සිටිනවා.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා.
පසුගිය දා අමරිකානු ඩොලර් බිලියන 5.3ක ආධාර මුදල් ඩොනල්ඩ් ට්‍රම්ප් රජය නිදහස් කර ඇති අතර චීන තායිවාන ප්‍රදේශයට ලබා දෙන අමරිකානු ඩොලර් මිලියන 870 ක යුද ආධාර ද ඊට ඇතුළත්.
අමරිකාව චීන තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම, එකම චීනය මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි චීනය පවසන්නේ.
එබැවින් තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම නතර කරන ලෙසත් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සාමය හා ස්ථාවරත්වය විනාශ නොකරන ලෙසත් චීනය, අමරිකාවෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳව සමීපව අවධානය යොමු කරමින් චීනය සිය රටේ ස්වාධිපත්‍යය ආරක්ෂාව හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කරන බව ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.