Latest News

සෙලෙන්ස්කි, අමෙරිකාවට යයි – හේතුව මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි හෙට (28) නිව්යෝක් නුවරට පැමිණෙනු ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අමෙරිකාව සහ යුක්‍රේනය අතර ඩොලර් බිලියන ගණනාවක් වටිනා ඓතිහාසික ගිවිසුමකට අත්සන් කිරීම සඳහායි.

ඒ අනුව යුක්‍රේන දුර්ලභ ලෝහ වර්ග ඇතුළු ස්වභාවික සම්පත් සංවර්ධනය කිරීම සඳහා වන එම ගිවිසුම දෙරට අතර රුසියානු යුද ගැටුම් සම්බන්ධව පසුගියදා උද්ගත වූ මතභේදය එම ගිවිසුම අත්සන් කිරීමෙන් යටපත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එම ගිවිසුමට අදාළ කොන්දේසිවලට දෙරටම එකඟතාව පළ කර ඇති බවත්, මේ වනවිට ගිවිසුම සකස් කිරිම අවසන් අදියරේ පවතින බවත් වාර්තා වනවා.

ගිවිසුමට ඇතුළත් කරුණු සම්බන්ධව අනාවරණය නොවූවද, එමඟින් අමෙරිකාවට මෙන්ම යුක්‍රේනයට ද ආර්ථීක වශයෙන් වාසිසහගත පසුබිමක් නිර්මාණය වනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

World News

Send your contact Details Today