Instagram, Facebook සහ Facebook Messenger සියල්ලම අක්‍රිය වී ඇති බව, ලොව පුරා පරිශීලකයින් 13,000කට අධික පිරිසක් Down Detector හි වාර්තා කර තිබුණා.
ඒ අනුව ඩෙස්ක්ටොප් පරිගණකවලින් මෙම සමාජ මාධ්‍ය හරහා ප්‍රවේශ වීමට උත්සාහ කරන විට දෝෂ පණිවිඩයක් ලැබුණු බවයි පරිශීලකයින් වාර්තා කර ඇත්තේ.
කෙසේවෙතත් මේ වනවිට අදාළ දෝෂය යථාවත් කර තිබෙන නමුත් Meta ආයතනය විසින් මෙම දෝෂයට නිශ්චිත හේතුවක් තවමත් ප්‍රකාශ කර නැහැ.