Latest News

අමෙරිකාව යුක්‍රේන යුද්ධයට වැය කළ මුදල නැවත අය කරගනී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ විරල ඛනිජ ලබාගැනීමේ ගිවිසුමකට එළැඹීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ අමෙරිකාව යුක්‍රේන යුද්ධය වෙනුවෙන් වැය කළ මුදල නැවත ලබාගැනීමේ අරමුණින්.

ආරම්භයේ දී එම ගිවිසුමට එළැඹීමට යුක්‍රේනය ප්‍රතික්ෂේප කළත් සංශෝධන කිහිපයකින් පසුව ඊට එකඟ වීමට යුක්‍රේනය තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පැවසුවා.

ඒ යුක්‍රේනය ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයකට අමෙරිකාව අනුමැතිය පළ කිරීමෙන් පසුවය.

කෙසේ වුවද යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කළ ඉල්ලීමට අමෙරිකාව එකඟ වූයේ නැත.

ඒ අනුව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙම සතියේ දී ගිවිසුමට අත්සන් තැබීම සඳහා අමෙරිකාවට පැමිණෙනු ඇතැයි වාර්තා වුනා.

World News

Send your contact Details Today