සුඩානයේ දරුණු ගුවන් අනතුරක් සිදුව තිබෙනවා.
එරට ගුවන් හමුදාවට අයත් යානාවක් මෙළෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.
එම ගුවන් අනතුර සිදු ව තිබුණේ සුඩානයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකදියි.
ගුවන් අනතුරට හේතුව නිල වශයෙන් තහවුරු නොවුණ ද, එය එහි ඇති වූ කාර්මික දෝෂයක් මත සිදු වූවක් විය හැකි බවටත් සැලකෙනවා.