Latest News

ඉන්දුනීසියාවේ ප්‍රදේශයක් සෙළවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද උදෑසන (26) ඉන්දුනීසියාවේ සුලවේසි ප්‍රදේශය අසල රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් කිසිඳු ජීවිත හානියක් සිදුවී නොමැති බවටයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කරන්නේ.

මෙම භූමිකම්පාව උතුරු සුලවේසි ප්‍රදේශයේ වෙරළ තීරයේ ආශ්‍රිතව කිලෝමීටර් 10ක් (සැතපුම් 6.2) ගැඹුරේ ඇතිව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.

එමෙන්ම මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර, 2021 ජනවාරි මාසයේදී සුලවේසිහි ඇති වූ රික්ටර් මාපක 6.2ක භූමිකම්පාවකින් 100කට අධික පිරිසක් මිය ගිය අතර, දහස් ගණනකට නිවාස අහිමි වුණා.

තවද, 2018 දී එහි රික්ටර් මාපක 7.5ක භූමිකම්පාවක් ඇතිවීමෙන් පසුව ඇති වූ සුනාමියකින් පුද්ගලයින් 2,200කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today