Latest News

අමෙරිකාව පළමුවරට රුසියාවේ පැත්ත ගනී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසර 3ක් සම්පූර්ණ වූ රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීමට සහ රුසියානු හමුදාව යුක්‍රේන භූමියෙන් ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ යුරෝපා රටවල යෝජනාවට අමෙරිකාව විරෝධතාව පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ වෙනුවට යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා පසුගියදා සෞදි අරාබියේදී අමෙරිකානු සහ රුසියානු ඉහළ මට්ටමේ සාකච්ඡාවෙන් පසුව රුසියාවට සහාය පළ කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධාන රැස්වීමකදී අමෙරිකාව විසින් යුක්‍රේන යුද්ධය සම්බන්ධව රුසියාවට සහාය පළ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

World News

Send your contact Details Today