අමෙරිකාව සංරක්ෂණ මධ්‍යස්ථානයකින් කෙන්යාවට කඳුකර බොන්ගෝ සතුන් 17 දෙනෙකු ලබාදී තිබෙනවා.
ඉතා දුර්ලභ ගණයට අයත් මෙම සත්ත්ව විශේෂය 100 කට වඩා අඩු ප්‍රමාණයක් කෙන්යාවේ වෙසෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම, සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම කඳුකර බොන්ගෝ සත්ත්වයින් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවයි.
වාසස්ථාන අහිමි වීම, දඩයම් කිරීම, නීති විරෝධී ක්‍රියාකාරකම් සහ රෝග ඇතිවීම් එලෙස සතුන් වදවීමට හේතුවී ඇති බව සදහන්.
එවන් පසුබිමක වසර 2050 පමණ වන විට මෙම සත්ත්ව ගහනය 700 ක් දක්වා වර්ධනය කරගැනීම කෙන්යාවේ අපේක්ෂාව වී තිබෙනවා.