Latest News

USAID ආධාර නවතා දැමීම හමුවේ තවත් රටක මිලියන දෙකක ජනතාව පීඩාවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුඩානයේ සිවිල් යුද්ධයෙන් අසරණ වූ ජනතාවට ආහාර සැපයීමට පිහිටුවා ඇති මධ්‍යස්ථාන 80% ක් පමණ වසා දමා තිබෙනවා.

ඒ අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත එක්සත් ජනපද රජයේ සංවර්ධන සංවිධානය හෙවත් යූ එස් ඒඩ් ආධාර ලබා දීම දින 90 කට නවතා දැමීම ඊට හේතුවෙන්.

ඒ අනුව ආහාර ලබාදීමේ මධ්‍යස්ථාන 1,100 කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් එරට මිලියන දෙකකට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

World News

Send your contact Details Today