ප්‍රසිද්ධ දොඩම් යුෂ පානයක් මිලදී ගැනීමෙන් වළකින ලෙස ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික බීම සමාගමක් පවසනවා.
ඇල්කොහොල් සහ කාබනේෂන් අඩංගු මෙම දොඩම් යුෂ පානය පැසවීම හේතුවෙන් බෝතලය බිඳී යාම හෝ බෝතල් මූඩිය ගැලවී විසිවී යාමේ අවදානමක් පවතින බවයි ස්ට්‍රේන්ජ්ලව් බීම සමාගම පෙන්වාදෙන්නේ.
ඒ අනුව ලුණු මිශ්‍ර දොඩම් යුෂ මිලි ලීටර් 180 සහ මිලි ලීටර් 540 බෝතල් වෙළඳසැල්වලින් ආපසු කැඳවා ඇති බව සමාගම කියා සිටියා.
මේ වනවිටත් මෙම දොඩම් යුෂ පානය පාරිභෝගිකයන් අතට පත්ව ඇත්නම් ඒවා විවෘත නොකරන ලෙසත් ආරක්ෂිතව බැහැර කරන ලෙසත් සමාගම ඉල්ලා සිටිනවා.
දොඩම්යුෂ පානය පරිභෝජනයෙන් කිසියම් සංකූලතාවකට ලක්වූවකු ඇත්නම් වහා වෛද්‍ය උපදෙස් ගන්නා ලෙසයි ස්ට්‍රේන්ජ්ලව් බීම සමාගම අනතුරු අඟවන්නේ.
කෝල්ස්, වුල්වර්ත්ස්, ඩෑන් මර්ෆිස්, බී.ඩබ්ලිව්.එස්, ලිකර්ලන්ඩ්, ෆස්ට් චොයිස්, ස්වාධීන සිල්ලර වෙළෙන්දන් මෙන්ම රට පුරා ඇති වින්ටේජ් සෙලස් වෙළඳ ආයතන සහ අන්තර්ජාලය හරහාද මෙම දොඩම් යුෂ පානය මේ වනවිටත් අළෙවි කර අවසන්.